Monday, September 20, 2010

වාසනා වේවා- Sanath Nandasiri

වාසනා වේවා- වාසනා වේවා
පින්බර යුවතිය කුල කුමරිය වී
මංගල මල් නැකතේ
පෙම්බර කුමරෙකු අතිමත ගෙන ඈ දීගෙට යන දවසේ

කුලුදුල් මංගල පියවර තබනා
නොඉදුල් සුන්දර යුවලකි අගනා
චාමර සේසත් සැලෙමින් සදහා
ආශිර්වාදෙන් ආසිරි වේවා

සිතුවිලි පිවිතුරු නම් අද දවසේ
හෙට දවසත් එලෙසින් පිවිතුරු වේ
දිවිමග සෙත් මල් පිපෙන පැයෙදී
පිවිතුරු බව රැකවරනය වේ



Saturday, September 18, 2010

නින්ද නේන රාත්‍රීයේ- H. R. Jothipala

නින්ද නේන රාත්‍රීයේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ

කුමුදු කුමාරියේ
ඔබ නිදනා යහන් තලේ
කවුළුව සමීපයේ
මම ඉන්නෙම් පවන් දැලේ
ඉදුනිල් නුවන් පියා
සැතපෙම් රෑ නිසංසලේ

අරුණෝදයේ ඔබේ
නෙතු සඟලේ කැළුම් සලා
සූරිය පෙරම්බරේ
දිනු අයුරින් සිනාසිලා
සැනහේ විජිනිපතින් සනහන්
මට පවන් සලා



Friday, September 17, 2010

සිනහව අතරින්- Milton Mallamarachchi

සිනහව අතරින් කඳුලක් උපන්නා
ඒ බැව් නොදැකම සිනහවක් ම පෑවා
සිනහව අතරින්......

හිම කැට වැටෙනා සීතල උදයක
ඇය හමු වූවා කඳුකර පෙදෙසක
හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳූරේ

කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
පමණයි කෙල්ලේ ආලය කෙරුවේ

හදවත ගොළු නැත මා මියුලැසියේ
ගොළු කලේ කවුදැයි ඔබ නේද දන්නේ
ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ

නිල්මිණි දෑසට මම සුදු ආසයි
ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි

සිනහව අතරින්- Milton Mallamarachchi

සිනහව අතරින් කඳුලක් උපන්නා
ඒ බැව් නොදැකම සිනහවක් ම පෑවා
සිනහව අතරින්......

හිම කැට වැටෙනා සීතල උදයක
ඇය හමු වූවා කඳුකර පෙදෙසක
හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳූරේ

කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
පමණයි කෙල්ලේ ආලය කෙරුවේ

හදවත ගොළු නැත මා මියුලැසියේ
ගොළු කලේ කවුදැයි ඔබ නේද දන්නේ
ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ

නිල්මිණි දෑසට මම සුදු ආසයි
ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි

සරා සඳේ සිනා සේලේ- H.R Jothipala

සරා සඳේ සිනා සේලේ
ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ
සිනහා මැවිලා
තනිවී අඳුරේ සුසුමේ වෙලිලා......

වැතිරී සීත මීදුම් යායේ
හදේ වේදනා
හඬා වැටේ එදා ඇසූ
ඔබේ ගීතිකා

සරා සඳේ......

සැඟවී ඈත මේ හිම යායේ
කොහේ පාවෙලා
මිලාන වී ගියාද ඒ
සිනා වාසනා


සරා සඳේ සිනා සේලේ- H.R Jothipala

සරා සඳේ සිනා සේලේ
ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ
සිනහා මැවිලා
තනිවී අඳුරේ සුසුමේ වෙලිලා......

වැතිරී සීත මීදුම් යායේ
හදේ වේදනා
හඬා වැටේ එදා ඇසූ
ඔබේ ගීතිකා

සරා සඳේ......

සැඟවී ඈත මේ හිම යායේ
කොහේ පාවෙලා
මිලාන වී ගියාද ඒ
සිනා වාසනා


ඇහෙනවනම් හිත හඩන

ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහමග සැතපෙන්නේ

පතන පැතුම් සුළගට මුසුවේ
මියුරු වදන් කදුලේ ගොළුවේ
සතුට උපන් හැම දින වැළලේ
කුමන නැටුම්දෝ දිවි මඩලේ

අපගෙ අහිංසක ලොව බිදිලා
ඔබද අනන්තෙක ඇත බැදිලා
ගිණි දළුවා ගත වෙළෙනු පෙනේ
ඔබ මල් යහනක හිදිනු මැනේ





Saturday, September 4, 2010

සිතුවිළි සිරවී - Bandara Athawuda

සිතුවිළි සිරවී හදවක පතුලේ
ඉකිබිඳ වැලපෙනවා
රැව සැඟවී මගේ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා...

ඔබේ සෙනෙහස දැක
සැඟවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ
සුසුම් නිම්නය් තනිවන්නට නම්
මේ ලෙස ඇයි අපි හමුවන්නේ...

මිලාන වූ මල් ඉකිබිඳ වැලපේ
විකසිත කුසුමක් හිනැහෙද්දී
ලොව දහසක් නෙත්
හිනැහෙන මොහොතේ
ඔබෙයි මගෙයි ලොව කඳුලු දකී...


සෙනහසක අරුතක් පුරවන්නට- Asanka Piyamantha

සෙනහසක අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මා ඉමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී

කැකුලක් සිදුලින් හදවත පිපුණූ
කඳූලෙත් කටුමත විස තිබුනා
බිදුනොත් බදුනක පිළියම් කරනට
බැරි කැලලක් මතුවී පෙනෙනා

පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගුකල හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුනා....

Friday, September 3, 2010

බිදුනු පෙම් හද - Gunadasa Kapuge

බිදුනු පෙම් හද නිවාලන්නට කදුල නුබ ආදා
අදුර රජයන හුදකලා සිත නුබට පෙම් බැන්දා

සරාගික වූ නෙතින් ගිලිහී ජීවිතෙන් පිදු අදරේ
නිමාවූ වචන පමනකි
දෙනෙත් දෑලේ ඉදි උනේ
කදුල නුබ පිපුනා දැවී ගිනි ගත් පෙම් සුසනේ
කදුලු මල් පිපුනා

ප්‍රේම ආතුරයන් වෙලා ජීවිතේ තනි මන්සලේ
දිනක ඇය මා අමුත්තන් වී යලි හමූවේවී
කදුල නුබ නාඩන් දුරස් වන්නේ නැතේ නුබ මා
කදුල නුබ නාඩන්


බිදුනු පෙම් හද - Gunadasa Kapuge

බිදුනු පෙම් හද නිවාලන්නට කදුල නුබ ආදා
අදුර රජයන හුදකලා සිත නුබට පෙම් බැන්දා

සරාගික වූ නෙතින් ගිලිහී ජීවිතෙන් පිදු අදරේ
නිමාවූ වචන පමනකි
දෙනෙත් දෑලේ ඉදි උනේ
කදුල නුබ පිපුනා දැවී ගිනි ගත් පෙම් සුසනේ
කදුලු මල් පිපුනා

ප්‍රේම ආතුරයන් වෙලා ජීවිතේ තනි මන්සලේ
දිනක ඇය මා අමුත්තන් වී යලි හමූවේවී
කදුල නුබ නාඩන් දුරස් වන්නේ නැතේ නුබ මා
කදුල නුබ නාඩන්


Thursday, September 2, 2010

නීල බිගු කැල- Victor Rathnayaka

නීල බිගු කැල තාම රස පෙල ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තමර පහසින් මෝහනය වීලා

මාරුතේ මතුරා යැතේ සුරබුන් හෙලූ මුකුලු
මාවතේ අතුරා ඇතේ සුරබුන් නෙලූ කැකුලු

ජීවිතේ කිරි සගරේ කලබා දිනූ කිදුරී
මීවිතේ මදිරා සොයා සගවා නොයන් සොදුරී


Wednesday, September 1, 2010

පිනිබර යාමෙ- Sunil Edirisingha

පිනිබර යාමෙ සැවුලන් හඩලනවා
අම්මා වට කර ලිප ගිනි මෙලවෙනවා
කොලඹ රේල්ලුව රජ ගමනට එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනහෙනවා

පුතුනේ අකුරට යන්න පමාවී
ගුරු සිත රිදිලා වේවැල් හඩලාවි
ගගේ ඇලේ පැන තෙප්පම් හදලා
මුරන්ඩු වූ දා දුක් වේවි අම්මා

වේල දෙවෙලේ කුස ගිනි නොබලා
කඩමලු ඇන්දත් පින් කද බැබලෙනවා
කලට රුවන් වැසි වස්සන තාලේ
ශිල්ප උගත් දා නුබ සක්විති වෙනවා.


Grab this

Unique Users