Monday, July 12, 2010

මලක් වුනේ ඇයි නුඹ මට- Amarasiri Peries

මලක් වුනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සළන
එනමුදු සිපගන්නට තහනම්
විලක් වුණෙ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්

පහන් තාරකාවක් සේ
ජීවිතයට මඟ කීවද
ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසේ
මලක් වුනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සළන
එනමුදු සිපගන්නට තහනම්
විලක් වුණෙ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්

සහන් ගීතිකවක් සේ
ජීවිතයේ ගිම් නිව්වද
ඒ ගීයෙ සොදුරු වදන්
මුමුණනු කෙලෙසින්
මලක් වුනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සළන
එනමුදු සිපගන්නට තහනම්
විලක් වුණෙ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්




No comments:

Post a Comment