Wednesday, July 21, 2010

නොබලන් කුමරිය- T.M Jayarathna

නොබලන් කුමරිය නිසසල මාදෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා හද
කළඹනු නොහැක ඉතින්

ළඳකගෙ සෙනෙහස නොපතමි
කිසිදා නිදහස අගයන්නෙම්
නුරා පිරුනු නෙත වෙනතක දල්වා
සමුගෙන මැනවි ඉතින්

සුපුරුදු තනිකම පාලුව මිහිරියි
හිඳිනෙමි සැනසිල්ලෙන
ආදර රැහැනින් මා හද වෙලනට
ඔබහට නොහැක ඉතින්



No comments:

Post a Comment