Thursday, July 15, 2010

ඔබ දන්නවනම්- Karunarathna Divulgane

ඔබ දන්නවනම් එක කඳුලු බිදක්
හිත යටට වෙලා දුක් විදින තරම්
ඒ කඳුල වුනත් නෙතු අගට ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවා නම්

එක මලක් තනන්නට රුවට රුවින්
ගහ වැල දුක් ගින්දර විදින තරම්
ඒ පිපෙන මලත් කලු දෙඹරු ඇවිත්
විස තුඩින් පෙලා රිදවනවා නම්

දස මසට වඩා පුරණා ‍පෙරුමන්
ලොව හදන වඩන මව්වරුනි උතුම්
මට කියා දෙන්න ලොව ඇතිද උතුම්
වෙන අරුතක් මේ ජීවිතය තරම්



No comments:

Post a Comment