Tuesday, July 13, 2010

සුළඟ නුඹ වගෙයි- Karunarathna Divulgane

සුළඟ නුඹ වගෙයි
සිත් මල වටා එතෙයි
මල් සුවද හොර හොරෙන් අරන්
යන්නටම හදයි
වැස්ස නුඹ වගෙයි
සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම
පුදුමයක් තමයි

සිත හැදිනුවෙත් නුඹයි
පසුපසම එළව එළවාවිත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ සිත අරංගියා
පුදුමයක් නෙමෙයි

සිත තනිකළෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොය සොය
රිදෙව්වෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි




No comments:

Post a Comment