Monday, July 12, 2010

සෙනෙහස දොවොලකි- Rookantha Gunathilaka

සෙනෙහස දොවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දොවොල හිමී
ආයාචනයට ම සිත ගැයූ ඔබ දෙසවන් ඇයි අගුළු වැටී

සසරින් සසරට එකට බැදී
මෙතුවක් ආ මග අද නැවතී‍‍
සසරින් සසරට එකට බැදී
මෙතුවක් ආ මග අද නැවතී‍‍
ආදරයට හිමි කදුළු බිදූ
සාගරයට මුසු වේද මතූ

කදුලට සුසුමට ලෙන්ගතු වී
සැනසෙන්නද මා කෙලෙස යලී
කදුලට සුසුමට ලෙන්ගතු වී
සැනසෙන්නද මා කෙලෙස යලී
ඡීවිතයම එක පැයක දුටු
සිහිනෙකි ප්‍රේමය බිදුනු පසූ





No comments:

Post a Comment