Wednesday, July 14, 2010

සොදුරු සීතල යාමේ- Sachith n Rakitha

සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී

හද ගැහෙන හැම වේලේ ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සඟවා ගන්න බෑ උණුසුමවේ
ඇස් පියන් මත දැවටී යන්න එපා ඔබ වෙන් වී
ඔබ සුවඳ මා දිවියේ හුස්ම සේ ඇත ළං වී

සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී

අම්බරේ රං ඉර සේ මගෙ ලොවේ පෑයූ වේ
මල් සුවද පරදවනා සුවඳ ඔබමයි මාගේ
තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ
ඔබයි මගේ සඳ කිඳුරී දිවිය ඇති තෙක් මාගේ

නෙතුවිලේ පායාල ඉන්න රන් තරුව සේ
සිත් හැගුම් පුබුදාලා ළං වෙමුද මේ යාමේ
දේදුන්න වෙත පියඹාලා පාට තවරා සිහිනේ
ඔබ මගේ මා ඔබගේ ලියමු අපි අම්බරයේ






No comments:

Post a Comment