Sunday, December 19, 2010

සුනිල්වන් නුවන් යුග- Somathilake Jayamaha

සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳූළු ගංගාවේ ඇය දැන් කිඳීලා
මේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මවුණි පියතුමනි කරුණාව පාලා

මට මේක දඟගෙයකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳූල එකසේ දරා මං
සැනසී සිතින් එම්ද ඇගෙ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්

රජ දහන වැලි කතරවුව උරුමවේනම්
මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්
මගෙ ජීවනෙහි ගීයෙ ඇගෙ හඬ නොවේනම්
හද වෙණෙහි සත්සර සදා ගොළු වුණාදෙන්

සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳූළු ගංගාවේ ඇය දැන් කිඳීලා
මේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මවුණි පියතුමනි කරුණාව පාලා. .


Saturday, December 18, 2010

මුතුකුඩ ඉහිළන- rohana Weerasingha

මුතුකුඩ ඉහිළන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලේනී
එබී බලා..රිය කවුළු දොරින්
යටගිය දවසේ...
දෑස ගියා ඉගිලී...

අදුරු ලලා සෙංකඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ

රිය ඇතුළේ උණුසුම ඔබ දිදී
නහවයි මා රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබඳකම් නෑ රියසක දන්නේ


Wednesday, December 8, 2010

වලා අතුල සිරි යහනේ- Amarasiri Pieris

වලා අතුල සිරි යහනේ
උනුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා...
මල් සුගන්ධයෙන් නැලවෙන
ලතා මඩුල්ලෙ නැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා...

ජීවිතය වගේ මුමුණන
ආදරය වගේ දිලිහෙන
දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා...
නොදරුවකු අතින් බොඳ වුන
සිතුවමක් ලෙසින් සුන්දර
හිරු දස අත රටා වියනවා...

කිරි වැදී නටන ගොයමට
මිහිදුමින් වැ‍ටුනු පිනි කැට
රන්දමක් වගේ ගෙලවට රනින් දිලෙනවා
හෙටක් ගැන යමක් නොදකින
හෙටක් තිබේ දැයි නොසිතන
කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා...



Grab this

Unique Users