Showing posts with label Namal Udugama. Show all posts
Showing posts with label Namal Udugama. Show all posts

Wednesday, July 21, 2010

අවාසනාවට රෝස මලත්- Namal Udugama

අවාසනාවට රෝස මලත් පරවෙයි
කඩා වැටෙන්නට උණු කඳුළක් වැලපෙයි
දරා ගන්න බැරි තරමට ආදරෙයි
ඔයා රත්තරන් වරදක් කළා නොවේ

ලියා හසුන්පත් තැන තැන හංගාපු
ගලා බොඳව යයි ඒ ඇස් දෙකෙන් තෙමූ
වලාකුලට රෑ සඳ නෑවිත් ඉඳපු
එකම දවස අද විතරද මගෙ දෙවිඳු

පතා නොසිටියත් සැප සම්පත් ඉසුරූ
මහා යදම් බැඳ සිතුවිලි සිර කරපු
මගේ නැගණියක් ලෙසින් සිතා මතූ
අවසර දෙන්නම් අපි හිත හඳාගමු


බැසයන සඳ දෑතින්- Namal Udugama

බැසයන සඳ දෑතින්
නවතා ගන්නට බෑ
පරවෙන මල දෝතින්
වලකා ලන්නට බෑ
ඔබ බැසයන සඳ නම්
ඔබ පරවෙන මල නම්
රැක ගනිමිද කෙලෙසින්

මන්දාකිණීය ගලන නිසසල රැයක මැවෙන
මැදියම් අඳුරේ සැගවී
පවනැල් රහසේ සැඟවෙයි
ඔබ ඒ අහස වගේ නම්
හඳුනාගන්නද කෙලෙසින්

නන්නාඳුනන ලෙසින ගිමනට සිසිල රැගෙන
අවුදින් සිරුරේ දැවටී
පවනැල් රහසේ හැරයයි
ඔබ ඒ සුළඟ වගේ නම්
හඳුනා ගනිමිද කෙලෙසින්


Thursday, July 8, 2010

අප හමුවීම- Namal Udugama

අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්...

පෙම්වන්තියේ මා හැඬුවා දරා
ප්‍රේමේ නමින් වේදනා
ඒ සිත යාමේ සැමරුම් කියා
ලියවේවි මගෙ චේතනා

රන් තාරකාවෝ දිලුණා එදා
ගෙනදී නැවුම් කල්පනා
මේ ආදරේ නාමයෙන් වේදනා
මතුදා ගෙනේ ප්‍රාර්ථනා






Grab this

Unique Users