Showing posts with label W.D Amaradeva. Show all posts
Showing posts with label W.D Amaradeva. Show all posts

Tuesday, August 3, 2010

හන්තානේ කඳු මුදුන- W.D Amaradeva

හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම් //

තුන්මහලින් සැදි සරසවි පායේ
මල් කැටයම් සෙවනේ
සිරිපොද වැස්සේ නැඟුනු සතුටු රළ
මිරිඟු සයුර විනි අතීතයේ //

පාළු නිසංසල කඳුවැටි අතරේ
මහවැලි ගං ඉවුරේ
අත්තටු සිඳගත් විහඟ විලාසෙන්
අපේ පැතුම් ඉකි බිඳුනු ඇසේ


Sunday, July 25, 2010

ඔබේ නමින් සෑය වඳිමි- W.D Amaradeva

ඔබේ නමින් සෑය වඳිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ..
ඔබේ නමි සෑය වඳිමි..

උනා නීල වර්ණ වරල-දෑලේ මල් ගැවසි ලියේ
නගා ඉන්ද්‍රචාප දෙබැම-ඇසින් විදුලි මවන ලියේ

වනා ලමැද කිණිහිරි පෙති-රත්න තිලක පැළඳි ලියේ
සිනා සිසී විමානයෙන්-බසින්න ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ..




Tuesday, July 20, 2010

සසර වසන තුරු- W.D Amaradeva

සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා

රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි
තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි

සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා




ප‍ටු අදහස් නම්- W.D Amaredeva & Sunil Edirisingha

ප‍ටු අදහස් නම් පවුරින් ලෝකය
කැබලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන
හිඳිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියානනේ

සත්‍යය පතුලින් ගලනා පිරිසුදු වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී ගිලී නොගියේ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියානනේ

පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතුවිලි උදෙසා කම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියානනේ



ප‍ටු අදහස් නම්- W.D Amaredeva & Sunil Edirisingha

ප‍ටු අදහස් නම් පවුරින් ලෝකය
කැබලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන
හිඳිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියානනේ

සත්‍යය පතුලින් ගලනා පිරිසුදු වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී ගිලී නොගියේ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියානනේ

පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතුවිලි උදෙසා කම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියානනේ



විකසිත පෙම් පොකුරු- W.D Amaradeva

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පති කුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ....

හිතේ කඳුලු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර ඉඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිණි නොදැනේවා...

තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කරුවල හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා



Friday, July 16, 2010

අඩවන් වූ දෙනෙතින් ගලනා- W.D Amaradeva

අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා දහරා
තෙමා තෙමා හද ගලා ගලායන ලොවු තුරු ගුණ මහිමේ
මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමේ....
අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා දහරා

පිරීතිරී යන මහවතුරක් සේ
ගලා හැලෙන සිහිලැල් ගගුලක් සේ
ගිමන් නිවාලන මේ බව කතරේ
නිවන් සඳාලන බුදු ගුණ මහිමේ
මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමේ...

අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා දහරා
තෙමා තෙමා හද ගලා ගලායන ලොවු තුරු ගුණ මහිමේ
මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමේ




Grab this

Unique Users