Showing posts with label Sunil Edirisnghe. Show all posts
Showing posts with label Sunil Edirisnghe. Show all posts
Saturday, October 27, 2012
මල්ලියේ නරක මිතුරන්-Sunil Edirisighe
මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා..
නංගියේ නොහොබිනා කම් හුරු වෙන්න එපා..
බෝගම්බර සිපිරිගෙදරට එන්න එපා..
හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා..
දළදා මැදුරේ තේවා හඩ රැව්දෙනවා..
කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා..
සියක් වාරයක් මැරි මැරි උපදිනවා..
තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා..
ලැබුවේ අවවාද නොහිබින ආරකය..
දුදනන් නිසා විය සෙනසුරු මාරකය..
මම පෙර ගියේ වරදින් පිරි පාරකය..
ඒ ගිය මගේ අවසානය පෝරකය..
Wednesday, September 1, 2010
පිනිබර යාමෙ- Sunil Edirisingha
පිනිබර යාමෙ සැවුලන් හඩලනවා
අම්මා වට කර ලිප ගිනි මෙලවෙනවා
කොලඹ රේල්ලුව රජ ගමනට එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනහෙනවා
පුතුනේ අකුරට යන්න පමාවී
ගුරු සිත රිදිලා වේවැල් හඩලාවි
ගගේ ඇලේ පැන තෙප්පම් හදලා
මුරන්ඩු වූ දා දුක් වේවි අම්මා
වේල දෙවෙලේ කුස ගිනි නොබලා
කඩමලු ඇන්දත් පින් කද බැබලෙනවා
කලට රුවන් වැසි වස්සන තාලේ
ශිල්ප උගත් දා නුබ සක්විති වෙනවා.
අම්මා වට කර ලිප ගිනි මෙලවෙනවා
කොලඹ රේල්ලුව රජ ගමනට එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනහෙනවා
පුතුනේ අකුරට යන්න පමාවී
ගුරු සිත රිදිලා වේවැල් හඩලාවි
ගගේ ඇලේ පැන තෙප්පම් හදලා
මුරන්ඩු වූ දා දුක් වේවි අම්මා
වේල දෙවෙලේ කුස ගිනි නොබලා
කඩමලු ඇන්දත් පින් කද බැබලෙනවා
කලට රුවන් වැසි වස්සන තාලේ
ශිල්ප උගත් දා නුබ සක්විති වෙනවා.
Thursday, August 19, 2010
තිරය ඇරෙනවා- Sunil Edirisinghe
තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඩ පැතිරෙනවා
සඳලුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟසුඟ නටවනවා
කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති
නළ වතුරෙන් සැනහුනු දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
කුඹුරක් ඇස නොගැටුන දරුවෝ
දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරළිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකර
කරළිය අබියස බලා හිදී
ඔල්වරසන් හඩ පැතිරෙනවා
සඳලුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟසුඟ නටවනවා
කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති
නළ වතුරෙන් සැනහුනු දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
කුඹුරක් ඇස නොගැටුන දරුවෝ
දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරළිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකර
කරළිය අබියස බලා හිදී
Wednesday, August 18, 2010
වියෝවූ පසුවයි- Sunil Edirisingha
වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්රේමයේ අභිමන්..
හැඬුදා කඳූලයි දකින්නේ
සිනහවේ සරදම්..
ඉවුරු දෑලේ හිඳ බැලූවිට
ගඟ හැඩයි කදිමයි
දියටවන් විට එවන් ගඟුලම
බිහිසුණුයි චණ්ඩයි
හඬක් නැතිදා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්
වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්රේමයේ අභිමන්..
හැඬුදා කඳූලයි දකින්නේ
සිනහවේ සරදම්...
ප්රේමයේ අභිමන්..
හැඬුදා කඳූලයි දකින්නේ
සිනහවේ සරදම්..
ඉවුරු දෑලේ හිඳ බැලූවිට
ගඟ හැඩයි කදිමයි
දියටවන් විට එවන් ගඟුලම
බිහිසුණුයි චණ්ඩයි
හඬක් නැතිදා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්
වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්රේමයේ අභිමන්..
හැඬුදා කඳූලයි දකින්නේ
සිනහවේ සරදම්...
Wednesday, July 28, 2010
මිහිදුම් සළු තිර- Neela Wickramasingha, Sunil Edirisigha
මිහිදුම් සළු තිර පැළැඳි නමුණු කුල
සෙවනැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
නිකෙළෙස් ගද බැඳි විකසිත ආදර
තේමා ගීතය එක්ව ගයන්නට
වන ගැබ වන පල නෙලා ගෙනෙන්නම්
වන මල් දහරින් මාල ගොතන්නම්
පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම්
තුරු සෙවනැල්ලට මල් අතුරන්නම්
ඕනෑ නැත අන් කිසිවක් මිහිමත
පාරාදීසය මෙහි පිරී ඇත
මානවිකාවනි හෙට හිරු කිරණට
ටිකිරි සිනාවක් මුසු කරවනු මැන
සෙවනැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
නිකෙළෙස් ගද බැඳි විකසිත ආදර
තේමා ගීතය එක්ව ගයන්නට
වන ගැබ වන පල නෙලා ගෙනෙන්නම්
වන මල් දහරින් මාල ගොතන්නම්
පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම්
තුරු සෙවනැල්ලට මල් අතුරන්නම්
ඕනෑ නැත අන් කිසිවක් මිහිමත
පාරාදීසය මෙහි පිරී ඇත
මානවිකාවනි හෙට හිරු කිරණට
ටිකිරි සිනාවක් මුසු කරවනු මැන
Sunday, July 25, 2010
පලංචියේ ලී ඉරුවේ- Sunil Edirisingha & Edward Jayakody
පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රඟ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට
විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
කුළුඳුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
පෙම් දම් නිසා මිතු දම් සිඳ දමන්නද
හොද හිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද
දොඩමළු කතා නැහැ අද වාඩිය හෙවනේ
නිදි නැති රැය පුරා නමෙ සුසුමයි ඇසුනේ
හොර රහසින්ම එක සුවඳක් පැතු පවිනේ
නුඹවත් නැති වේද හෙට මට සකි සඳුනේ
මල් පැන් පොදක් රඟ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට
විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
කුළුඳුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
පෙම් දම් නිසා මිතු දම් සිඳ දමන්නද
හොද හිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද
දොඩමළු කතා නැහැ අද වාඩිය හෙවනේ
නිදි නැති රැය පුරා නමෙ සුසුමයි ඇසුනේ
හොර රහසින්ම එක සුවඳක් පැතු පවිනේ
නුඹවත් නැති වේද හෙට මට සකි සඳුනේ
Thursday, July 22, 2010
සදකඩපහණක- Sunil Edirisngha
සදකඩපහණක කැටයම් ඔපලා
පාවෙන දේදුණු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ
යුගයෙන් යුගයට නොමියන දහනක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතට ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැළවෙද්දී
දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බින්දූ
අහසත් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුහුවුණු වැහි බින්දු
ඈ ගෙන යද්දී නටඹුන් අතරට
තවකෙක් ඈ වෙත හද රැන්දූ
හදවිල ඉපැදුණු කැකුලක් නොකලත
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක්
සත්සමුදුරකට මුසුව ගියා
ඔබට උරුම වූ තැවුනු දැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා
පාවෙන දේදුණු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ
යුගයෙන් යුගයට නොමියන දහනක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතට ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැළවෙද්දී
දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බින්දූ
අහසත් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුහුවුණු වැහි බින්දු
ඈ ගෙන යද්දී නටඹුන් අතරට
තවකෙක් ඈ වෙත හද රැන්දූ
හදවිල ඉපැදුණු කැකුලක් නොකලත
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක්
සත්සමුදුරකට මුසුව ගියා
ඔබට උරුම වූ තැවුනු දැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා
Tuesday, July 20, 2010
වන්නි වනපෙතේ- Sunil Edirisingha
වන්නි වනපෙතේ ගම් දනව් පුරා නිවහන
වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්
කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා ගමටම
බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පල දී
බින්න බැස හිඳී නගරය අසල දූ පුතුන්
කල්පකාලයක් පරපුර දුන්නු දන් ඇතත් හිත තුළ
මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්
වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්
කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා ගමටම
බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පල දී
බින්න බැස හිඳී නගරය අසල දූ පුතුන්
කල්පකාලයක් පරපුර දුන්නු දන් ඇතත් හිත තුළ
මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්
Friday, July 16, 2010
ඉස්සර මං ගිය පාසල ඇරිලා- Sunil Edirisingha
ඉස්සර මං ගිය පාසල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනි වී එනවා
ගහකොල සෙලැවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා
ඒ දඬු මංකඩ තිත්ත පැටව් රැල
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එක තැන රැඳුණා
ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැල පේලි සැදී හිඳ
මුතු ඇහිඳී මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුස ගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ
පොත් පිටු අතරේ නොරැඳුණු දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුලක් නැගුවා
ඔහුට මුවා වී පාසල් යන්නේ
මා දැයි නිකමට මට හිතුනා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනි වී එනවා
ගහකොල සෙලැවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා
ඒ දඬු මංකඩ තිත්ත පැටව් රැල
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එක තැන රැඳුණා
ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැල පේලි සැදී හිඳ
මුතු ඇහිඳී මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුස ගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ
පොත් පිටු අතරේ නොරැඳුණු දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුලක් නැගුවා
ඔහුට මුවා වී පාසල් යන්නේ
මා දැයි නිකමට මට හිතුනා
රන් සමනලයෝ- Sunil Edirisinghe
රන් සමනලයෝ පුංචි කකුලියෝ
දෙදුන්නේ නැගිලා
මිහිදුම් සලුවේ තුරුමල් උයනේ
කොඉ යන්නේ පියබා.
පෙම්බර ආල හිතේ ගී නොයෙදෝ ගයුවේ
මොලකැටි බාල වියේ ඒ හුරතල් කොතැනේ
මවු දෑතින් මිදුනදෝ
යවුවනයේ මත් වී දෝ
ලද මනමාල හිතේ අදරයේ සුවදේ
තව නොසිටීද ලොවෙ ජිවිතයේ අරුමේ
මල් යහනා පැතුවාදො ඒ යහනා හමුවිදෝ
දෙදුන්නේ නැගිලා
මිහිදුම් සලුවේ තුරුමල් උයනේ
කොඉ යන්නේ පියබා.
පෙම්බර ආල හිතේ ගී නොයෙදෝ ගයුවේ
මොලකැටි බාල වියේ ඒ හුරතල් කොතැනේ
මවු දෑතින් මිදුනදෝ
යවුවනයේ මත් වී දෝ
ලද මනමාල හිතේ අදරයේ සුවදේ
තව නොසිටීද ලොවෙ ජිවිතයේ අරුමේ
මල් යහනා පැතුවාදො ඒ යහනා හමුවිදෝ
Monday, July 12, 2010
පාට දේදුණු සේදිලා- Sunil Edirisnghe
ඈත කදු යායේ
සීත රෑ සද පීදිලා
නීල තරු යායේ
ඈ ළවන් තෙරේ
සෝ ගී සුසුම් නැගේ
මීදුම් වළා ලෙසින් පාවී
ඈතින් හැපී බිදේ
මා නුවන් දියේ
පීනා නැගෙම් සදේ
පායා දුරින් ඇදී ඈ මෙන්
පාවී නොයන් සදේ
සීත රෑ සද පීදිලා
නීල තරු යායේ
ඈ ළවන් තෙරේ
සෝ ගී සුසුම් නැගේ
මීදුම් වළා ලෙසින් පාවී
ඈතින් හැපී බිදේ
මා නුවන් දියේ
පීනා නැගෙම් සදේ
පායා දුරින් ඇදී ඈ මෙන්
පාවී නොයන් සදේ
Friday, July 9, 2010
මහ වැස්සක් බිමට හලා- Sunil Edirisinghe
මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න...
ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න
ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න...
විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ...
කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳ
තනි යහනේ සරදම් රටා වියන්නේ...
විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
ඔබ මට කියාදුන්න සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ..
ඔබ නිසොල්මනේ එපා හිඳින්න...
ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න
ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න...
විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ...
කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳ
තනි යහනේ සරදම් රටා වියන්නේ...
විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
ඔබ මට කියාදුන්න සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ..
Wednesday, July 7, 2010
හදේ කොතැනක- Sunil Edirisnghe
හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හසරැහැනින් පෙලයි මා
මුදා සුව දැහැනින්
සයුර ඉම ලත් ක්ෂිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලීමෙන් අඳූරේ
තලා මා සිත පලා ගිය ඔබ
දවයි මා.. අද තනිවෙනා මොහොතින්
උතුම් පිවිතුරු ප්රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුල ද සිඳෙන්නට පෙර
යදින්නම්...ඔබ මැකීයනු මතකෙන්
හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හසරැහැනින් පෙලයි මා
මුදා සුව දැහැනින්.....
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හසරැහැනින් පෙලයි මා
මුදා සුව දැහැනින්
සයුර ඉම ලත් ක්ෂිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලීමෙන් අඳූරේ
තලා මා සිත පලා ගිය ඔබ
දවයි මා.. අද තනිවෙනා මොහොතින්
උතුම් පිවිතුරු ප්රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුල ද සිඳෙන්නට පෙර
යදින්නම්...ඔබ මැකීයනු මතකෙන්
හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හසරැහැනින් පෙලයි මා
මුදා සුව දැහැනින්.....
Subscribe to:
Posts (Atom)