Showing posts with label Shirly Wjayantha. Show all posts
Showing posts with label Shirly Wjayantha. Show all posts

Sunday, August 29, 2010

මා සිත මියුරුකල්පනා- Shirly Wjayantha

මා සිත මියුරුකල්පනා රස පද වැලට පෙරළුනා
මිහිරියෙ ඔබට බැදුනු ප්‍රේමයේ නමින්
නැවුම් සිතක ඔබට බැදුනු ප්‍රේමයේ නමින්

රුවැති මලක් මද සුළගේ සැලෙන සැටි සිතා
බමර තුඩක් මල් පෙති මත ලියයි පෙම් කතා
ඔබට කෙළෙස අමතන්නද නොහැක ගනු සිතා
දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා

රණ මයුරෙක් මයුරියකගෙ රැඟුම ගැන සිතා
තුඩින් තුඩඟ රැදුන පෙමක් අගෙයි ගනු සිතා
ඔබ අමතන මෙවන් පතෙක පිළිතුරක් පතා
දැනගන්නට මා රිසියෙනි කිමද ගත් සිතා


Grab this

Unique Users