Showing posts with label Milton Mallamarachchi. Show all posts
Showing posts with label Milton Mallamarachchi. Show all posts

Tuesday, November 9, 2010

කඳු පාර ඈත අයිනේ- Milton Mallamarachchi

කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනා සේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා.......

යාළු වී දෙවටේ එදා
කී කතා අසා
පාලු වී හැඬුවා සදා
මාරුතේ පවා.......

ගං ඉමේ මාදං කැලේ
පාසැලේ පුරා
මා සොයා ආවා වගේ
වෙන් වෙලා ගියා........


Friday, September 17, 2010

සිනහව අතරින්- Milton Mallamarachchi

සිනහව අතරින් කඳුලක් උපන්නා
ඒ බැව් නොදැකම සිනහවක් ම පෑවා
සිනහව අතරින්......

හිම කැට වැටෙනා සීතල උදයක
ඇය හමු වූවා කඳුකර පෙදෙසක
හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳූරේ

කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
පමණයි කෙල්ලේ ආලය කෙරුවේ

හදවත ගොළු නැත මා මියුලැසියේ
ගොළු කලේ කවුදැයි ඔබ නේද දන්නේ
ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ

නිල්මිණි දෑසට මම සුදු ආසයි
ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි

සිනහව අතරින්- Milton Mallamarachchi

සිනහව අතරින් කඳුලක් උපන්නා
ඒ බැව් නොදැකම සිනහවක් ම පෑවා
සිනහව අතරින්......

හිම කැට වැටෙනා සීතල උදයක
ඇය හමු වූවා කඳුකර පෙදෙසක
හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳූරේ

කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
පමණයි කෙල්ලේ ආලය කෙරුවේ

හදවත ගොළු නැත මා මියුලැසියේ
ගොළු කලේ කවුදැයි ඔබ නේද දන්නේ
ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ

නිල්මිණි දෑසට මම සුදු ආසයි
ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි

Wednesday, July 14, 2010

රෑනේ ඉගිලෙන්න ඕනේ- Milton Mallamarachchi

රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවි මේ ගං තෙරේ

පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
පිපි මල් නොතලා පිණිලැල් අතුරා
සේයා මැවෙනා උදේ

පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
දියරැල් අතරේ හැඟුමන් කිමිදේ
මේ ගී ගයනා හදේ

රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවි මේ ගං තෙරේ
පාවි මේ ගං තෙරේ......



ගමනේ ගිම් නිවූ එදා- Milton Mallamarachchi

ගමනේ ගිම් නිවූ එදා , සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ , හද සෝ සුසුම් හෙළා

ඔබ මංමුළා වෙලා ගියා පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ සිහිනෙකින් පවා
අද ඔබගෙ ජීවිතේ කතරකී වාළුකා
හිනැහෙන්න යළි දිලෙයි ‍දෛවයේ තාරුකා

මතකේ තිබේද ඒ යුගේ මාගේ චේතනා
වැටහෙන්නෙ නැද්ද ආදරේ ශෝක වේදනා
ඝන අන්දකාරයේ පාලුවේ කිමිදුනා
හිනැහෙන්න යළි දිලෙයි ‍දෛවයේ තාරුකා




Tuesday, July 13, 2010

මට මෙන් ඔහුටද- Milton Mallamarachchi

මට මෙන් ඔහුටද කඳුල ඔබයි
කඳුල ඔබයි හසරැල්ල ඔබයි......

තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වෙයි
ආදර ගඟුලක් පෙරට ඇදෙයි
කාටද ඔබෙ අත හිමිවන්නේ
මා වාගෙම ඔහු විමසන්නේ....

කිසිවෙකු රිදවා හිනැහෙනු බෑ මට
එහෙයින් ඔබගෙන් බැහැර යමි
ඔබටද ඔහුටද සුබ පතමි
ඔබටද ඔහුටද සුබ පතමි.........




Monday, July 12, 2010

උපුල් නුවන් විදහා- Milton Mallamarachchi

උපුල් නුවන් විදහා ඔබ සිනා සුනා
මම සිනා සුනා
පුළුන්පොදක් කල මා ළදකි වාසනා
නම මෝනාලීසා

හද පාරන මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවදයි මලයි ඔබමයි

උපුල් නුවන් විදහා ඔබ සිනා සුනා
මම සිනා සුනා
ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
තුරුල් වුණා ඈ හිරිපොද හැගුම් සලාලා
පැතුම් විමානේ දැල් කව්ළුවෙන් බලාලා
දුටු උවනයි නිසල කලේ මා හද ඡාලා

හද පාරන මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවදයි මලයි ඔබමයි



තනිවී සිටින්නයි මා- Milton Mallamarachchi

තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ

මගෙ පාළු ලෝකයෙ තනිවූ මෙමා
සක්විතිරජුන් හමුවේ නැත හිස නමා
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා

ඔබෙ චේතනා අගනා මා සිතදනි
අවට ලෝකයෙ බැලුම් විෂකටු වැනි
ඒ කටු අපේ දෙහදේ පතුලේ ඇනි
ගන දුක් වේදනා රුධිරය වැනි






Friday, July 9, 2010

පායා ආ සඳ- Milton Mallawarachchi

පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
සෝකය තාපය පාළුව අතරේ
ඉකිබිඳ හැඬුවා ඇසුණා

හද විමනේ බිතු සිතුවම් කිලිටි කළේ ඔබෙ දෑතයි
හද විමනේ බිතු සිතුවම් කිලිටි කළේ ඔබෙ දෑතයි
නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
දෑත දෙපය මගෙ සීතයි
දෑත දෙපය මගෙ සීතයි

ඔබ පැමිණි ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම්
ඔබ පැමිණි ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම්
මගෙ සහයෝගය පතන වෙලාවේ
කොහි සිට හෝ යළි එන්නම්
කොහි සිට හෝ යළි එන්නම්





Wednesday, July 7, 2010

අවසර නැත මට- Milton Mallamarachchi,

අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම බවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ළඳේ

බඔරෙකු වන්නට නොහැකිව ළත වෙන
මා අබියස ඔබ නෙලුම නොවේ
උල්පත වන්නට නොහැකිව ළත වෙන
මා අබියස ඔබ සයුර නොවේ

ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
බැරි කම මිස ඔබෙ සිහින ලොවේ
ඔබ කැඳවන්නට ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතිව නොවේ"







සීත අරණේ සුපුල් නාමල- Milton Mallamarachchi

සීත අරණේ සුපුල් නාමල සුවද ගැල් වු ජීවිතේ
සීත හිමගිර සීත නොදෑනේ දැනේ උණුසුම ආදරේ.........

ලතාවක් සේ වෙලී සියොලග පතමි රෑකවරණය ඔබෙන්.....//
සදා දෝතින් මලක්සේ ඔබ වැලද ගන්නෙමි හදවතින්.........හදවතින්

වලාවක් සේ අයාලේ ගිය සිතට නිවහන ඔබ ලගයි..........//
මහා කතරක ගෙවු තනි මග නිමා කල ඉම ඔබ නෙතයි..........ඔබ නෙතයි




Grab this

Unique Users