Showing posts with label Shalitha Abeywickrama. Show all posts
Showing posts with label Shalitha Abeywickrama. Show all posts

Wednesday, July 7, 2010

සුළඟේ ලෙළෙනා මල් සේ දඟපා- Shalitha Abeywickrama

සුළඟේ ලෙළෙනා මල් සේ දඟපා
අප පාසැල් ගිය කාලයේ
යාළුවො අද නැත වෙන අය එහි ඇත
කාලය මැවු වෙනසක අරුමේ

ලොකු පන්තියෙ අය පොඩි පන්තියෙ අය
හැමදෙන එක පන්තියෙ විලසේ
අප පොත්වල දුටු රජවරු සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැව්වේ

සාමලා අමරලා පොත්තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ
අපේම පාසල අපේම මව විය
එදවස් අපහට නැත ආයේ

සුළඟේ ලෙළෙනා මල් සේ දඟපා
අප පාසැල් ගිය කාලයේ
යාළුවො අද නැත වෙන අය එහි ඇත
කාලය මැවු වෙනසක අරුමේ....




Grab this

Unique Users