Showing posts with label H.R Jothipala. Show all posts
Showing posts with label H.R Jothipala. Show all posts

Saturday, September 18, 2010

නින්ද නේන රාත්‍රීයේ- H. R. Jothipala

නින්ද නේන රාත්‍රීයේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ

කුමුදු කුමාරියේ
ඔබ නිදනා යහන් තලේ
කවුළුව සමීපයේ
මම ඉන්නෙම් පවන් දැලේ
ඉදුනිල් නුවන් පියා
සැතපෙම් රෑ නිසංසලේ

අරුණෝදයේ ඔබේ
නෙතු සඟලේ කැළුම් සලා
සූරිය පෙරම්බරේ
දිනු අයුරින් සිනාසිලා
සැනහේ විජිනිපතින් සනහන්
මට පවන් සලා



Friday, September 17, 2010

සරා සඳේ සිනා සේලේ- H.R Jothipala

සරා සඳේ සිනා සේලේ
ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ
සිනහා මැවිලා
තනිවී අඳුරේ සුසුමේ වෙලිලා......

වැතිරී සීත මීදුම් යායේ
හදේ වේදනා
හඬා වැටේ එදා ඇසූ
ඔබේ ගීතිකා

සරා සඳේ......

සැඟවී ඈත මේ හිම යායේ
කොහේ පාවෙලා
මිලාන වී ගියාද ඒ
සිනා වාසනා


සරා සඳේ සිනා සේලේ- H.R Jothipala

සරා සඳේ සිනා සේලේ
ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ
සිනහා මැවිලා
තනිවී අඳුරේ සුසුමේ වෙලිලා......

වැතිරී සීත මීදුම් යායේ
හදේ වේදනා
හඬා වැටේ එදා ඇසූ
ඔබේ ගීතිකා

සරා සඳේ......

සැඟවී ඈත මේ හිම යායේ
කොහේ පාවෙලා
මිලාන වී ගියාද ඒ
සිනා වාසනා


Monday, July 19, 2010

ටජ් මහලක්- H.R Jothipala

ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමී
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමී

සිහිකර ඔබ ගැන බවුන් වඩයි මන
අන්ධය දෙනයන බිහිරිය දෙසවන

ටජ් මහලක්...

මගේ උදානය අමිල නිධානය
ඔබමය ජීවය මිහිරිය දෙසවන

ටජ් මහලක්...

තිමිර එළිය කෙරු මගෙ ලොව දිනිසුරු
තරුපති සහකරු ඔබය මියෙන තුරු

ටජ් මහලක්...



Wednesday, July 14, 2010

ඇහෙනවනම් හිත හඩන තරම්- H.R Jothipala

ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහමග සැතපෙන්නේ

පතන පැතුම් සුළගට මුසුවේ
මියුරු වදන් කදුලේ ගොළුවේ
සතුට උපන් හැම දින වැළලේ
කුමන නැටුම්දෝ දිවි මඩලේ

අපගෙ අහිංසක ලොව බිදිලා
ඔබද අනන්තෙක ඇත බැදිලා
ගිණි දළුවා ගත වෙළෙනු පෙනේ
ඔබ මල් යහනක හිදිනු මැනේ


Grab this

Unique Users