Showing posts with label Jagath Wickramasignhe. Show all posts
Showing posts with label Jagath Wickramasignhe. Show all posts

Wednesday, July 14, 2010

සාගර තරංගා- Jagath Wickramasingha

සාගර තරංගා
සුදු වෙරළ සිඹින්නා
නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි මමයි ඔබයි
නොබිඳෙන සෙනෙහසින්
මේ ගයන්නේ.....
ආදරේ ගීතයයි

මහ සමුදුරෙන් එහා
මේ පුංචි නවාතැනෙන්
දැල්වෙන පහණ් සිළෙන්
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ ආදරේ ගීතයයි

සිත ඉඟියකින් සැලී
ගිනියම් දිගන්තයේ
බොල් පිණි සුළං දැලෙන්
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ ආදරේ ගීතයයි

සාගර තරංගා
සුදු වෙරළ සිඹින්නා
නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි මමයි ඔබයි
නොබිඳෙන සෙනෙහසින්
මේ ගයන්නේ.....
ආදරේ ගීතයයි ආදරේ ගීතයයි ආදරේ ගීතයයි



Monday, July 5, 2010

රන් තාරකාවන්- Jagath Wickramasinghe

රන් තාරකාවන් දිළෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලං වෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලි

මා දෙනෙත අඬ අදුරේ රඳවා තියා
සඳවතිය පාවී ගියා
මා දෙනෙත අඬ අදුරේ රඳවා තියා
සඳවතිය පාවී ගියා
පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්
මේ හැටිම නපුරුයි කියා
මේ හැටිම නපුරුයි කියා

රන් තාරකාවන් දිළෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලං වෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලි

මා උන්නෙ දොර කවුළු හැරදා තියා
ඔබෙ සුවඳ ඒ යැයි කියා
මා උන්නෙ දොර කවුළු හැරදා තියා
ඔබෙ සුවඳ ඒ යැයි කියා
නිදි නොමැති නෙත් අගට කඳූලක් තියා
මුළු රැයම ගෙවිලා ගියා
මුළු රැයම ගෙවිලා ගියා





Grab this

Unique Users