Showing posts with label Neela Wickramasinghe. Show all posts
Showing posts with label Neela Wickramasinghe. Show all posts

Monday, August 23, 2010

මස්ටර් සර්- Neela Wickramasinghe

පනම් අටෙන් මට වැඩිකර දුන්න
හැකි උනත් දරුවට කවන්න
මස්ටර් සර් මට හිමි තැන දෙනවාද
අනේ සර් අනුකම්පා නොසිතේද

අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙනේ මේ
නිම වෙන්නට කල් ගත වේදෝ
අනේ සර් අපි මිතුරන් වේදෝ
එදා දවස උදාවේදෝ

මට මතක් වෙනව සුද්දා තැලු පෙලු හැටි
අපි කතා කලේ පන ගැහි ගැහි දනින් වැටී
මාස්ටර් සර් මට හිමි තැන දෙන්න
අනේ සර් කරුනාවෙන් සලකන්න.




Wednesday, July 28, 2010

මිහිදුම් සළු තිර- Neela Wickramasingha, Sunil Edirisigha

මිහිදුම් සළු තිර පැළැඳි නමුණු කුල
සෙවනැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
නිකෙළෙස් ගද බැඳි විකසිත ආදර
තේමා ගීතය එක්ව ගයන්නට

වන ගැබ වන පල නෙලා ගෙනෙන්නම්
වන මල් දහරින් මාල ගොතන්නම්
පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම්
තුරු සෙවනැල්ලට මල් අතුරන්නම්

ඕනෑ නැත අන් කිසිවක් මිහිමත
පාරාදීසය මෙහි පිරී ඇත
මානවිකාවනි හෙට හිරු කිරණට
ටිකිරි සිනාවක් මුසු කරවනු මැන



Friday, July 23, 2010

බෝධියේ විහාරයේ- Neela Wickramasingha

බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැළවුනදා මුළු ලොවටම රෑ වෙනවා

ජීවිතේ පියාඹමින් සිනාසිසී හිඳිනා
ඒ සිනා මා බොළඳ නෙතේ උනු කඳුළක් කරනු එපා

මල් පොහොට්ටු මා හදේ සුරංගනා පොකුණේ
මල් වරම් ලැබ පිපෙන තුරා ඔබ නටුවෙන් මිදෙනු එපා





බෝධියේ විහාරයේ- Neela Wickramasingha

බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැළවුනදා මුළු ලොවටම රෑ වෙනවා

ජීවිතේ පියාඹමින් සිනාසිසී හිඳිනා
ඒ සිනා මා බොළඳ නෙතේ උනු කඳුළක් කරනු එපා

මල් පොහොට්ටු මා හදේ සුරංගනා පොකුණේ

මල් වරම් ලැබ පිපෙන තුරා ඔබ නටුවෙන් මිදෙනු එපා





Wednesday, July 21, 2010

සුදු මුදු රළ පෙළ-T.M Jayarathna n Neela Wickramasingha

සුදු මුදු රළ පෙළ කිඳුරු කොදෙව්වේ - පාවඩ පලස එලා
සිඳුළඳ ගෙන දුන් මුතු කැකුලක් සේ - ඔබ මට තිළිණ වෙලා

යුග දිවි වැල්ලේ අඳුරු ඉසව්වේ - මුකුළිත සීත සලා
අරුණල්ලක් සේ...
අරුණැල්ලක් සේ නුඹ මිණ පායා - සනහස ජනිත කළා

සැඬ රළ රැල්ලේ සැළෙන කැදැලලේ - රැඳුනෙමි සරණ සොයා

සෙවනැල්ලක් සේ ....
සෙවනැල්ලක් සේ නොමහැර ආවෙමි - ඔබ හද සැලෙන තුරා



Tuesday, July 13, 2010

දස්කොන් සකි සඳ- Neela Wickramasinghe

දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින්
නොයෙනා ගමන කියන්නේ
එනමුත් ලඳූනේ මතු අත් භවයේ
ඔබ මා යලි හමුවන්නේ......

සියොලඟ හිමි ලඟ හදවත මා ලඟ
කෙලෙසද හද බැඳලන්නේ
කවුදෝ රැකවල් ලන්නේ
ඔබ මා යලි හමුවන්නේ....

මිය යමි මනුලොව හමුවෙමි පෙම්ලොව
ලොව්තුරු සුව වළඳින්නේ
කිසිදා නැත සමුගන්නේ
ඔබ මා යලි හමුවන්නේ...




Monday, July 12, 2010

දරුවෝ ඇති අම්මාලා- Neela Wickramasinghe

දරුවෝ ඇති අම්මාලා
දරු සුරතල් පෙන්නාලා
හඬවා නෙත මා සිත පාරනවා
දරුවෝ නැත මා පතලා
දරුවෝ නැත මා පතලා

හඬනා කිරි දරුවෝ
තුරුල පුරා පැතුවා
පව් පුරවා සංසාරෙන්
මවු පදවිය නැතුවා

දරුවෝ ඇති අම්මාලා
දරු සුරතල් පෙන්නාලා
හඬවා නෙත මා සිත පාරනවා
දරුවෝ නැත මා පතලා
දරුවෝ නැත මා පතලා
දරුවෝ ඇති අම්මාලා....








දරුවෝ ඇති අම්මාලා- Neela Wickramasinghe

දරුවෝ ඇති අම්මාලා
දරු සුරතල් පෙන්නාලා
හඬවා නෙත මා සිත පාරනවා
දරුවෝ නැත මා පතලා
දරුවෝ නැත මා පතලා

හඬනා කිරි දරුවෝ
තුරුල පුරා පැතුවා
පව් පුරවා සංසාරෙන්
මවු පදවිය නැතුවා

දරුවෝ ඇති අම්මාලා
දරු සුරතල් පෙන්නාලා
හඬවා නෙත මා සිත පාරනවා
දරුවෝ නැත මා පතලා
දරුවෝ නැත මා පතලා
දරුවෝ ඇති අම්මාලා....








Grab this

Unique Users