Showing posts with label T. M Jayarathna. Show all posts
Showing posts with label T. M Jayarathna. Show all posts

Monday, July 26, 2010

දුකේදී හැඬුමට- T.M Jayarathna

දුකේදී හැඬුමට - සැපේදී සිනාසෙන්නට ළඟ ඉඳන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා

සොඳුරියෙ නුඹයි ඒ අම්මා
අහස මෙන් ලත් චෝදනා - පොළොව මෙන් දුක් උහුලනා
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපදීලා
සොඳුරියෙ නුඹේ සෙනෙහසින් ඉමි ලොවෙහි රජ වීලා

සිතට සැනසුම් කල්පනා - ගෙනෙන පාදා වාසනා
තනා ටජ් මහලක් පිවිතුරු සෙනෙහෙ ගං තීරේ
සොඳුරියෙ නුඹේ රුව අඹා ගමි මහද මන්දීරඟ




රුවට රුවේ- T.M Jayarathna

රුවට රුවේ - සකුරා ඉවුරේ හිම වැටෙනා
සුදු කන්ද දිගේ - පාසැල් යන සුදු කුමාරියේ

හිම මිදෙනා නගරේ රුව පෑව ඒ රූබරී
චෙරි මල් පිපී පවනේ - ඒ ගමන් ලතා බලා ඉන්නවා

රතු මුහුදේ වෙරළේ - යමු ඈත අපි වෙන් නොවී
සිතකින් නොවේ ළඳුනේ - මා මගේ රටේ සදා තනිවුනේ




Wednesday, July 21, 2010

නොබලන් කුමරිය- T.M Jayarathna

නොබලන් කුමරිය නිසසල මාදෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා හද
කළඹනු නොහැක ඉතින්

ළඳකගෙ සෙනෙහස නොපතමි
කිසිදා නිදහස අගයන්නෙම්
නුරා පිරුනු නෙත වෙනතක දල්වා
සමුගෙන මැනවි ඉතින්

සුපුරුදු තනිකම පාලුව මිහිරියි
හිඳිනෙමි සැනසිල්ලෙන
ආදර රැහැනින් මා හද වෙලනට
ඔබහට නොහැක ඉතින්



සුදු මුදු රළ පෙළ-T.M Jayarathna n Neela Wickramasingha

සුදු මුදු රළ පෙළ කිඳුරු කොදෙව්වේ - පාවඩ පලස එලා
සිඳුළඳ ගෙන දුන් මුතු කැකුලක් සේ - ඔබ මට තිළිණ වෙලා

යුග දිවි වැල්ලේ අඳුරු ඉසව්වේ - මුකුළිත සීත සලා
අරුණල්ලක් සේ...
අරුණැල්ලක් සේ නුඹ මිණ පායා - සනහස ජනිත කළා

සැඬ රළ රැල්ලේ සැළෙන කැදැලලේ - රැඳුනෙමි සරණ සොයා

සෙවනැල්ලක් සේ ....
සෙවනැල්ලක් සේ නොමහැර ආවෙමි - ඔබ හද සැලෙන තුරා



රන් ටිකිරි සිනා- T.M Jayarathna

රන් ටිකිරි සිනා මුව මුව පාලා
ළංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා

දෑතේ බැඳිලා ඈතට දුවලා - නොපෙනී යනවද සුදු නංගී
ඉනිමං නැගලා ලස්සන සොයලා - ගමනක් යනවද සුදු මල්ලී

බාලේ ගෙවලා ආලේ දුරැලා - නොපෙනී යනවද සුදු නංගී
දඟ කර සිටලා ගංතෙර හැරලා - ගමනක් යනවද සුදු මල්ලී



උදුම්බරා හිනැහෙනවා- T.M Jayarathna & group

උදුම්බරා හිනැහෙනවා - ඉර අඳුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට සිනහ කඳුළු වැහි වැහලා
ගිනි ගෙන රත්වුණු දවසක් සැනසෙන එක හැන්දෑවක
මුහුදු කොවේ සුදු වැල්ලේ සුද හැංගෙන එක මොහොතක
උදුම්බරා හිනැහෙනවා ඉර අඳුරට හැංගෙනවා

කළුවර දුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්ම
ගිනි දිය ලෝ දිය වැස්සේ කිරි සයුරේ උදුම්බරා
සිනහ කඳුළු වගුරනවා

ආදරයේ ඔබ ඔබමයි - මා ඔබ නොව ඔබ මා නොව
දවසක් දා හඳුනා ගත්තොත් ඔබ මා
ඒ මොහොතෙම එක හුස්මට - උපදිනවා ගිනි රස්නය සීතලේම
මහ මුහුදම ගොඩට ගලා - රත් වුනු හිරු පායන්නට
ගොඩ බිම මහ මුහුදක් විය - මහ මුහුදම ගොඩ බිම විය
උදුම්බරා කඳුළු සලයි


Wednesday, July 14, 2010

හිමින් සැරේ පියා විදා- T.M Jayarathna

හිමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සියොත් සියොතුන්

මලක් නම් එය මලක් වුව මැන
සිනිඳූ සුකොමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳූවර දියෙන් උපදින

නැවුම් වත්සුනු රොනින් මත් වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිරි යහනේ




Wednesday, July 7, 2010

හිරුට හොරෙන්- T.M Jayarathna

හිරුට හොරෙන් සඳූට හොරෙන්
තරු මල් උයනේ
ලොවට හොරෙන් සැදූ ලොවයි
අපේ ආදරේ

ඔබේ නුවන් තරු එළියෙන්
ඒ ලෝකයේ සිරි නරඹන්නම්
තවත් කුමටදෝ එළියක්
මගේ ලෝකයේ

ඔබේ වදන් අමසරයෙන්
ඒ ලෝකයේ නද රැව්දේ නම්
තවත් කුමටදෝ මිහිරක්
අපේ ලෝකයේ



Grab this

Unique Users