Showing posts with label Narada Dissasekara. Show all posts
Showing posts with label Narada Dissasekara. Show all posts

Friday, July 16, 2010

මේ භවයෙදි- Narada Dissasekara

මේ භවයෙදි මුළු දිය දායේ
එකතු නොවෙනු ඇත අප ආයේ
පවස නිවන දියපොදක් නොවී ඔබ
ඇයි මහ සාගරයක් වූයේ

ඔබ ගැන ඉපැදෙන සිතුවිල්ලේ
අවසන මුළ වෙයි ලතැවිල්ලේ
වෙරළෙහි ගල්පරයක් විය හැකිනම්
තෙමුනත් ඇත කරදිය රැල්ලේ

සුදුමුදු වැල්ලෙහි නතරවෙලා
රළ පස රළ ලුහුබඳිනු බලා
සුසුම් වළලු උඩුගුවනට යවනෙමි
පැතුම් සඳුන් හද ගලෙහි උලා



Tuesday, July 6, 2010

මුළු හදින් මම- Narada Dissasekara

මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුන හැටි බලා දුක් වෙමි

නිසංසල තැනකට වෙලා හඩන මගෙ ඇස් දෙක දෙස බලා
කියන්නකෝ දෙවියනේ මේ දුක් කොහොම ඉන්නද ඉවසලා
මගේ අත ගෙන කනට ළං වී අනෙ සුදු මම ආදරේ යැයි
කියන්නට සිතුනේ ඇයිද සුදු නොසිතුවෙද මට දුක් ලැබේයයි

නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා
සිනාසුනු හැටි මතක් වෙනකොට කොහොම ඉන්නද ඉවසලා
එදා රෑ ගංඉවුර අසබඩ සුපුන් සද පායන වෙලාවක
කතා කී හැටි මතක් වෙනකොට දුක දැනේ පවතින අපායක

මෙහෙම ලෝකෙක ඉපදිලා හිතේ අදහස් සුන් වෙලා
මා උපන්නේ දුක් විදින්නද දුක් කඳුළු මැද තනිවෙලා

මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුන හැටි බලා දුක් වෙමි






Grab this

Unique Users