Showing posts with label Nirosha Virajini. Show all posts
Showing posts with label Nirosha Virajini. Show all posts

Thursday, July 29, 2010

රිදී පෝරු සැළෙන- Nirosha Virajini

රිදී පෝරු සැළෙන හඬින් - ගිනි කන වැටුනා නොවේ මා
සිත් පොජ්ජ ඇන්න ගිහින් මගෙ - ඒ ඇත්තෝ දුරු රටකින්

මා මිනි දෙයියා////- සුදු හූරා
සුදු හූරා - සුදු හූරා - සුදු හූරා
අපිලෑ ඇත්තොට පොත් පොජ්ජක් - ලියලා දෙන්නට කැලෑ පොජ්ජ වෙත
ආවේ - ආවේ - ආවේ

නදී තෙරේ රුප්පාවේ - අවසිහියෙන් මං හැඬුවා
මළ ගිය ඇත්තන් එන වේලේ - කොයි කොයි දේටත් පමා වෙලා

Wednesday, July 7, 2010

සිනාසෙන්න මට- Nirosha Virajini

සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
දෙන්න ඔබේ එක සිනා පොදක්
හඩා වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න අපේ මතකයෙන් බිදක්

කතාකරන්නට අපගැන බිදුවක්
අපගැන අසනා අයට ඉතින්
කියාදෙන්න මට මා හැර ගිය හැටි
තාමත් ඒ ගැන දන්නෑ මං

අළුපාට හැන්දෑවෙ වැහිබිංදු පොද වැටෙන
ගංදෑල තවමත් ඒ වගේද මට කියන්
දම් පදුර උඩ නටන රන් පාට සමනල්ලු
මං කොහිද ඇසුවාද මට කියන්








Grab this

Unique Users