Monday, August 30, 2010

සුවද දැනී දැනී- Rookantha Gunathilaka

සුවද දැනී දැනී දැනෙනවා
උදා හිරු එලියේ අලුත් ඉරක් දෝ මේ
සිතට ගලනවා සීත බිදු මේ
මීදුමේ සුලගේ දිනක් සාපිත හැගුම්
සුවද දැනී දැනී දැනෙනවා

ඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොහින්දෝ..
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුලු වෙනවාද...
ජීවිතේ සුදරද මෙතරම්
සුවද දැනී දැනී දැනෙනවා

රෑන රෑන එන පාට පාට සමනලයෝ
පේන පේන මල් සිප ගත්තොඉ
ආදරේ.............
ඔච්චම් කරකර හන්කිති කවනා අදරේ
බලපොරොත්තුව දෝත දරා මා
බලා ඉදී ඔබ එනතුරා
අයේ හෙට දවසක් තියෙවී අද වාගේ
ජීවිතේ සුන්දරද මෙතරම්

ප්‍රේමය පුදදී අවසානයි- Chamara Weerasingha & Rajika

ප්‍රේමය පුදදී අවසානයි
ඔහු සතුවී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න

පරජයේ දුක මට පුරුදුයි
සැනසුම නුබ වාගෙම ඈතයි
තහනම් සෙවනෙ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න

එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්//
මා වෙනුවෙන් නොහඩන්න
ජිවිතයට ඉඩ දෙන්න

ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බැහැ දෙන්න

ප්‍රේමය පුදදී අවසානයි....

ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිලිතුරු දෙන්නම්//
මට නොපෙනි පිටවෙන්න නොහදුන කෙනෙකුන් වෙන්න
වත ගෙන යන්නම් දුරට සිතනම් බැහැ ගෙන යන්න


Sunday, August 29, 2010

මා සිත මියුරුකල්පනා- Shirly Wjayantha

මා සිත මියුරුකල්පනා රස පද වැලට පෙරළුනා
මිහිරියෙ ඔබට බැදුනු ප්‍රේමයේ නමින්
නැවුම් සිතක ඔබට බැදුනු ප්‍රේමයේ නමින්

රුවැති මලක් මද සුළගේ සැලෙන සැටි සිතා
බමර තුඩක් මල් පෙති මත ලියයි පෙම් කතා
ඔබට කෙළෙස අමතන්නද නොහැක ගනු සිතා
දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා

රණ මයුරෙක් මයුරියකගෙ රැඟුම ගැන සිතා
තුඩින් තුඩඟ රැදුන පෙමක් අගෙයි ගනු සිතා
ඔබ අමතන මෙවන් පතෙක පිළිතුරක් පතා
දැනගන්නට මා රිසියෙනි කිමද ගත් සිතා


Monday, August 23, 2010

මස්ටර් සර්- Neela Wickramasinghe

පනම් අටෙන් මට වැඩිකර දුන්න
හැකි උනත් දරුවට කවන්න
මස්ටර් සර් මට හිමි තැන දෙනවාද
අනේ සර් අනුකම්පා නොසිතේද

අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙනේ මේ
නිම වෙන්නට කල් ගත වේදෝ
අනේ සර් අපි මිතුරන් වේදෝ
එදා දවස උදාවේදෝ

මට මතක් වෙනව සුද්දා තැලු පෙලු හැටි
අපි කතා කලේ පන ගැහි ගැහි දනින් වැටී
මාස්ටර් සර් මට හිමි තැන දෙන්න
අනේ සර් කරුනාවෙන් සලකන්න.




Friday, August 20, 2010

ලන්දේ උකුල උඩ- Kumari Munasigha

ලන්දේ උකුල උඩ නින්ද ගිහින් සිටි
එරබදු ඇහැ ඇරිලා අන්න සිනසෙනවා
ලන්දේ උකුල උඩ නින්ද ගිහින් සිටි
එරබදු ඇහැ ඇරිලා අන්න සිනසෙනවා//

නීල කොබේයි පැටියන්ට ඇදුම්
මුතු මාල පොටක් ගිරවුනට අරන්//
රත්තරන් පාට කමතට ඉහලින්
කන්ද උඩින් එන ගෝමරියෙ දැන් ගමට වරෙන් දැන් ගමට වරෙන්

ලන්දේ උකුල උඩ නින්ද ගිහින් සිටි......

පන්සල් කන්දට සිරස නමන්
ඉරදෙවියො ඇවිත් නවතා සක්මන්
පන්සල් කන්දට සිරස නමන්
ඉරදෙවියො ඇවිත් නවතා සක්මන්

තෙල් දැමුව දොලොස් මහ පහන් වැටෙන්//
ගම රට එනවද පන්දරින් රන් එලිය අරන් රන් එලිය අරන්

ලන්දේ උකුල උඩ නින්ද ගිහින් සිටි....


Thursday, August 19, 2010

තිරය ඇරෙනවා- Sunil Edirisinghe

තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඩ පැතිරෙනවා
සඳලුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟසුඟ නටවනවා

කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති
නළ වතුරෙන් සැනහුනු දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
කුඹුරක් ඇස නොගැටුන දරුවෝ

දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරළිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකර
කරළිය අබියස බලා හිදී



හිරුගේ ලොවෙදී- Clarence Wijewardena

හිරුගේ ලොවෙදී අපි වෙන් වෙමු
සදුගේ රෑයේදී යලි හමු වෙමු
යලි හමු වෙමු.....

සෑකයේ වෙලීල උදයේ හවා
රෑකවල් නෑගේ අප වටා
ගොළු වී මුවා වී ඉමු.........

හිරුගේ ලොවෙදී .....

අදුරේ වෙලීලා රෑය සීතලේ
සිහිනේ වුනා වූ ලොවේ
මුමුණා සිනා සී ඉමු......



Wednesday, August 18, 2010

බොල්පිනි වෑහෙන- Rookantha Gunathilaka

බොල්පිනි වෑහෙන මේ යාමේ
ඔබගෙන් සමුගෙන යා යුතු වේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මා නොකියා යන්නේ

ගැලපිට නැගලා ඈත ගම් බලා
පියමන් කරවන්නේ
තවත් නිවහනෙක ගිමන් නිවන තුරු
ඔබ සිහිවන්නේ
ඔබගෙන් සමුගෙන මා යන්නේ

ඔබ අවදිව මා සොයනු එපා
ඈතඉ මා ඉන්නේ
තවලම් කරුවො කවරදක හෝ එකම තැනක රැදුනේ


වියෝවූ පසුවයි- Sunil Edirisingha

වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්..
හැඬුදා කඳූලයි දකින්නේ
සිනහවේ සරදම්..

ඉවුරු දෑලේ හිඳ බැලූවිට
ගඟ හැඩයි කදිමයි
දියටවන් විට එවන් ගඟුලම
බිහිසුණුයි චණ්ඩයි

හඬක් නැතිදා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්

වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්..
හැඬුදා කඳූලයි දකින්නේ
සිනහවේ සරදම්...



Wednesday, August 11, 2010

පියමැන්නේ ඇයිද එසේ- Jayasri

පියමැන්නේ ඇයිද එසේ
රිදවාලා මසිත මෙසේ
දුර ගවුවෙ මා ඉන්නේ
මතකයේ රැදුනා ඒ සිතුවිල්ලේ
සෙවනැලි මාවතේ ඇදි ඒ ජිවිතේ
රැලි මත සාගරේ මතුවේවා සදා මේ සිහිනේ

සියුමැලි රැදි ඒ දෙකොපුල් කී කතා
ඇසේ සවන පුරවා මගේ දෑනේ
අත්වැල බැදගෙන වැල්ලෙ ඇදි ඒ රූ රටා
මැකි ගිය රැල්ලෙන් විසර රැයේ

සිත ගත්තේ නැතුව නොවේ
සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
හද අරනේ රැදුනු සෙනේ
පුබුද සොයනු දැනේ
නැතුවත් මේ භවේ
මතු එන ජිවිතේ සැමද ඒ සෙනේ



Wednesday, August 4, 2010

ආදරණීය නේරංජනා- Priya Suriyasena

ආදරණීය නේරංජනා//
ඔබෙ මුදු මඳ හසරැලි මාලාවේ
වෙලී බැඳුන දින රඟ ශාලාවේ
තුන් සිතකින්වත් නොසිතූ විලසින්
යළි ඔබ දැකුමට ආ වේලාවේ
අප හමුවූ ගෙවුයන් සීමාවේ
එක මොහොතක පමණකි තනිවූයේ
මටමම පුදුමයි අදහන්නට බෑ
මමම නොවේ යළි ඉන් පිටවූයේ

කවුදෝ මා පසුපස එනු දැනුණා
පාලු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව හැඟුණා

නිදි යහනේ මා නින්දට වැටුණා
ඔබ මා සිහිනෙන් අමතනු ඇසුණා
එනමුදු කෙළෙසද ඇගෙ අත ගන්නේ
මගේ සිතම මට මුමුණනු ඇසුණා

Tuesday, August 3, 2010

ලා දළු බෝපත්- Karunarathna Divulgane

ලා දළු බෝපත්
සෙමින් සෑලෙන සේ
යශෝදරා දේවී
වාවනු බෑරි තෑන රහසේ හෑඩුවා
පෙර සංසාරේ ඈසුර මතක් වී

ලා දළු බෝපත්
සෙමින් සෑලෙන සේ.............

ලේන කුලේ සිට
ආ ගිය මග තොට
සිටියා නොසෑලෙන
පහන් ටෑඹක් වී
නිවන් දකින තුරු
මේ සංසාරේ පසුපස ආවා
සෙවනෑල්ලක් වී

ලා දළු බෝපත්..........

තෑලී සෙනේ සිත
සෑලී හඩන විට
වෑටී දෙපා ළග
යශෝදරාවෝ
පිපී නිවන් මල්
සාදුකාර දී
නිවී පහන් විය
උදෑසනක් සේ

හන්තානේ කඳු මුදුන- W.D Amaradeva

හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම් //

තුන්මහලින් සැදි සරසවි පායේ
මල් කැටයම් සෙවනේ
සිරිපොද වැස්සේ නැඟුනු සතුටු රළ
මිරිඟු සයුර විනි අතීතයේ //

පාළු නිසංසල කඳුවැටි අතරේ
මහවැලි ගං ඉවුරේ
අත්තටු සිඳගත් විහඟ විලාසෙන්
අපේ පැතුම් ඉකි බිඳුනු ඇසේ


සිහිනයකි මට ආදරේ- Kasun Kalhara & UResha Ravihari

සිහිනයකි මට ආදරේ
හැඟෙනවා මට ජීවිතේ

හීනයට ළඟ ජීවිතේ
හැඟෙනවා ඔබෙ ආදරේ

වැටෙන කොට කඳුළු ඇවිල්ලා
සුවඳ මල් පෙති පරවෙලා

සුසුමේ තවරා සැඟවූ සිහිනේ
සුවඳ පෙති පරවෙලා
වස්සාන සිහිනේ ඇවිල්ලා

ආ...දරණිය ආ.. දරණිය වස්සානේ
ආ...දරණිය ආ.. දරණිය වස්සානේ<



Monday, August 2, 2010

දුරකඳු යාය- Upali Rathnayaka

දුරකඳු යාය මටයි
නිල්ල නෙළන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි
මගේ ආදරේ නුඹටයි

බඹරුන් යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරා
මලකට සිත් පීඩා නෑ
ගහ මල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා
කිසි බඹරෙකු හැඬුවේ නෑ

වියළුණු කතර බිමේ දිය බිද බිද වැටෙන තුරා
කතරට සයුරත් මදි නෑ
නිදි නැති පාළු රැයේ නුඹ ගැන සිහි කරන තුරා
මගෙ සිතටත් නිවනක් නෑ


හිතුමතේ- Romesh & Lakshan

මා දෙස නෙත් නොපියා බලාපු
හිමිහිට බලාපොරොත්තු ගෙනාපු
වැඩිපුර මාත් එක්ක නොආපු
මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු
ඔබ තවමත් ඇය තමයි
මගෙ හිත හදාප

හිතුමතේ පාවෙලා හිත හැදෙයිදෝ
සිතිජයේ ගෑවිලා මොකටද දුකයිදෝ

පපුවට තුරුළු වී හිඳ හඬාපු
ළංවී තොදොල් බස් මට දොඩාපු
හිත ළග හීනෙන් නිදි වරාපු
සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපු
මට තවමත් සුවඳ දේ
මලකින් හමාපු



Sunday, August 1, 2010

දුරස් වෙන්නට- Dayarathna Ranathunga

දුරස් වෙන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුනේ
දුරස් වන්නට මේ ලෙසින් මොටද අපි ඉපදුනේ

අත්වැල් බැඳගෙන මං මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද
පුංචි ළඳැරියක් වගේ හුරතලෙන්
ඔබ හිනැහුනු ඒ කාලය මතකද

අනාගතේ ගැන අහස් මාලිගා
අප දෙන්නා මැවු කාලය මතකද
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ළඟින් උන් කාලය මතකද


සිත ඔබ පා මුල- Depika Priyadarshani

සිත ඔබ පා මුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ-තැවුල් නොම වේවා

අසුරු සැනක් වු රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ
සදා රැඳේවා ඔබේ ලොවේ

ඔබට පිදුම් වූ සිතක විරාගය
කැටපත් පවුරක ගීයක් සේ
සදා රැඳේවා ඔබේ හදේ



සිත ඔබ පා මුල- Depika Priyadarshani

සිත ඔබ පා මුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ-තැවුල් නොම වේවා

අසුරු සැනක් වු රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ
සදා රැඳේවා ඔබේ ලොවේ

ඔබට පිදුම් වූ සිතක විරාගය
කැටපත් පවුරක ගීයක් සේ
සදා රැඳේවා ඔබේ හදේ



Grab this

Unique Users