Showing posts with label Victor Rathnayaka. Show all posts
Showing posts with label Victor Rathnayaka. Show all posts

Thursday, September 2, 2010

නීල බිගු කැල- Victor Rathnayaka

නීල බිගු කැල තාම රස පෙල ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තමර පහසින් මෝහනය වීලා

මාරුතේ මතුරා යැතේ සුරබුන් හෙලූ මුකුලු
මාවතේ අතුරා ඇතේ සුරබුන් නෙලූ කැකුලු

ජීවිතේ කිරි සගරේ කලබා දිනූ කිදුරී
මීවිතේ මදිරා සොයා සගවා නොයන් සොදුරී


Thursday, July 22, 2010

මියුරු කල්පනා- Victor Rathnayaka

මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා
‍වරෙක නැලවුනා වරෙක ලතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා

හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්

පිණි බිඳකින් මුතු අමුනමි
දිනිසුරු ගෙන් සීතල දෙමි
කඩු තුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්






Monday, July 19, 2010

ආශා නිරාශා- Victor Rathnayaka

ආශා නිරාශා මැවූ ඈ ස්වප්න මායාවකී
ස්නේහේ ගගුල් ප්‍රේමේ තැවුල් මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි

දවාලන්න පෙම් මාරුතේ ඇයයි ළංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ ඇයයි නිල්න මල් මාවතේ
දිවා රැයේ මා ලගයි... මගේ අරුම පෙම් අංගනා

නෙතේ හැංගි හැංගී සිටී සිතේ ස්වර්ණ යහනේ නිදී
මුවේ මන්දහාසේ දිදී... මගේ නින්ද ආයේ බිදී
දිවා රැයේ මා ලගයි... මගේ අරුම පෙම් අංගනා




Friday, July 16, 2010

අමා දහර දිය ගලා- Victor Rathnayaka

අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතරින් ජනිත වුණා
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා

සැපෙහී කිමීදී දුකෙහි ගැලීලා
මැදුම් පිළිවෙතින් අමා සුව ලබා
දහම් සුවඳ මල් දසතම පතුරා
සියලු කෙලෙස් මැඩ බුදු වූවා
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා

ජීවිතයේ ඇති නොනිමි අතිර බව
ලොවට පැතුරු කරුණාවේ අම ගුණ
සියලු සතුන් වෙත දහම් රස පෙවූ
කරුණාබර නෙත් නිවී ගියා
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා



අමා දහර දිය ගලා- Victor Rathnayaka

අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතරින් ජනිත වුණා
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා

සැපෙහී කිමීදී දුකෙහි ගැලීලා
මැදුම් පිළිවෙතින් අමා සුව ලබා
දහම් සුවඳ මල් දසතම පතුරා
සියලු කෙලෙස් මැඩ බුදු වූවා
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා

ජීවිතයේ ඇති නොනිමි අතිර බව
ලොවට පැතුරු කරුණාවේ අම ගුණ
සියලු සතුන් වෙත දහම් රස පෙවූ
කරුණාබර නෙත් නිවී ගියා
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා



ආදරයේ උල්පත වු අම්මා- Victor Rathnayaka

ආදරයේ උල්පත වු අම්මා - මා ඔබගේ පුතු වු
ඔබ මතු බුදුවන දවසේ - මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිනෙන්නෙමි - සුළැඟිල්ලේ එල්ලී

සඳ දියකර කිරි වතුරෙන් - ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන් - මතකය් මා නැලවුවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී - ඒ ජීවතයට දිවිදී රැකදී
මා දැඩි කල අම්මා

ආදරයේ උල්පත..........

තුරුලට ගෙන අත් පා හැඩ ගන්වා - නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් වාගේ - සිහිවේ ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැඳි - ගෙනදුන් දිවියට නව පණ ලැබදී
මා දැඩි කල අම්මා




Tuesday, July 6, 2010

කොහේ සිට ඔබ- Victor Rathnayaka

කොහේ සිට ඔබ පැමිණියේදෝ..
සිහිනයේ.. රැදුන ඒ අප්සරා..
මගේ ඉරබටු තාරකා..
ඔබට ගැයෙනා නැවුම් කුළුදුල් ප්‍රේම ගීයයි මේ

දෙනෝදාහක් අවට සිටියද- තනිවෙලා වේදනා වින්දෙමි මම්
නුවන් දහසක් අවට දුටුවද- දෙනෙත නලවන නෙතක් නුදුටෙමි මම්
කොහේ සිට ඔබ ...පැමිණියේ දෝ..

පාලු ගනදුරු රුදුරු රෑ මැද- නෙත වසා ආදරේ පැතුවෙමි මම්
මගේ සුසුමන් දැනෙන තරමට- ඔබට ලං වී කෙදින හිදිමිද මම්
කොහේ සිට ඔබ...පැමිණියේ දෝ..




Grab this

Unique Users