Lyrics - ගී පද
Thursday, November 17, 2011
නෙතට උළෙලක් විය එදා
නෙතට උළෙලක් විය එදා ඔබ - කඳුළු බිඳුවක් වුව මෙදා
මේ තරම් සිත පාරවන්නේ - මගෙන් වරදක් වුණිද මන්දා
ඔබෙන් තොරවූ ලෝකයක් ගැන - හිතන්නටවත් නොකැකි හින්දා
ඔබේ හිත වෙන අතක රන්ඳා - එපා දුක ගෙන එන්න කැන්දා
ඔබේ රුව රසඳුනක් වූවට - කමක් නෑ මට තවත් ඇසකට
නමිත් ඒ රුව තවත් කෙනෙකුට - අයිති වනු බෑ දරා ගන්නට
Tuesday, January 4, 2011
ඔබගෙ දෝතින් පිදූ ආදරේ- Somasiri Madagedara
ඔබගෙ දෝතින් පිදූ ආදරේ
යළී නිමාවෙන්නෙපා මා කෙරේ
සසර වසනා තුරා හිඳීමු ඔබ හා මෙමා
අහස සඳ සේ බැඳී ආදරේ
එකහිත් බිඳේවි ඇසුරින් මිදේවි
ලෝකෙන් නැගෙයි චෝදනා
ඉවසන්න වේවි සැනසුම් ලැබේවි
ආයෙත් නොඑයි වේදනා
කඳූලක් වැටේවි සුසුමක් නැගේවි
දෑතින් වසා ආදරේ
නොසැලෙන් දයාවි අහිතක් නොවේවි
මා නම් සදා ආදරේ
ඔබගෙ දෝතින් පිදූ ආදරේ
යළී නිමාවෙන්නෙපා මා කෙරේ
සසර වසනා තුරා හිඳීමු ඔබ හා මෙමා
අහස සඳ සේ බැඳී ආදරේ
ඔබගෙ දෝතින් පිදූ ආදරේ...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)