එදා මෙදා තුර කඳුළට විවරවූ
දෑස් පියන්පත් කවුළු වසා..
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පිරූ රතු දෙතොල් පියා..
මිළාන වී ගිය රෝස කුසුම් පෙති..
කම්මුල් සුදු මැළි පාට පොවා..
දෑත ළයේ බැඳි අවසන් ගමනද
සොඳුරිය මට නොකියාම ගියා..
දෑස් කවුලුපත් පලා කඳුලු කැට..
වෑහෙද්දී මගෙ දෑස් අගින්..
කාත් කවුරුවත් වෙතත් හිතයි මට...
පාත් වෙන්න ඔය මුවට උඩින්..
ඈත්ව යන්නට.. සමුගෙන කවුරුත්..
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්..
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි..
ඈත් නොවේමයි ඒ සුවඳින්..
ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට බැදි ආදර ලොකය හෙටත් තියේ....
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ...
No comments:
Post a Comment