Tuesday, November 9, 2010

දේදුන්නෙන් එන සමනලුනේ- Sanath Nandasiri n Latha Walpola

දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ

දවසක් දා බෝ මළුවේ
හමුවූ දාකදි අපි දෙන්නා
පහනක් දල්වා එකම හිතින්
පැතූ පැතුම් තෙපි නෑ දන්නේ

භවෙන් භවය පෙර ආවාසේ
භවෙන් භවය මතු සංසාරේ
නිවන් දක්නා ජාති දක්වා
එකට බැඳී ඉන්නයි පැතුවේ

දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ


ආදරයේ සුවඳ ලෙනේ
තනිවී උන්නා අපි දෙන්නා
කාන්සියක් හෙම නෑ දැනුනේ
පෙති දිලුනා වන මල් තොරණේ
අප පය පාමුල සතුටු ගඟේ
තවමත් ආදර රැලි හිනැහේ
කියව් කුරුල්ලනි මලින් මලට හෙට
අපේ අහිංසක කථන්දරේ

දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ

No comments:

Post a Comment

Grab this

Unique Users