මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුන හැටි බලා දුක් වෙමි
නිසංසල තැනකට වෙලා හඩන මගෙ ඇස් දෙක දෙස බලා
කියන්නකෝ දෙවියනේ මේ දුක් කොහොම ඉන්නද ඉවසලා
මගේ අත ගෙන කනට ළං වී අනෙ සුදු මම ආදරේ යැයි
කියන්නට සිතුනේ ඇයිද සුදු නොසිතුවෙද මට දුක් ලැබේයයි
නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා
සිනාසුනු හැටි මතක් වෙනකොට කොහොම ඉන්නද ඉවසලා
එදා රෑ ගංඉවුර අසබඩ සුපුන් සද පායන වෙලාවක
කතා කී හැටි මතක් වෙනකොට දුක දැනේ පවතින අපායක
මෙහෙම ලෝකෙක ඉපදිලා හිතේ අදහස් සුන් වෙලා
මා උපන්නේ දුක් විදින්නද දුක් කඳුළු මැද තනිවෙලා
මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුන හැටි බලා දුක් වෙමි

No comments:
Post a Comment