දෙන්න ඔබේ එක සිනා පොදක්
හඩා වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න අපේ මතකයෙන් බිදක්
කතාකරන්නට අපගැන බිදුවක්
අපගැන අසනා අයට ඉතින්
කියාදෙන්න මට මා හැර ගිය හැටි
තාමත් ඒ ගැන දන්නෑ මං
අළුපාට හැන්දෑවෙ වැහිබිංදු පොද වැටෙන
ගංදෑල තවමත් ඒ වගේද මට කියන්
දම් පදුර උඩ නටන රන් පාට සමනල්ලු
මං කොහිද ඇසුවාද මට කියන්

No comments:
Post a Comment