Wednesday, July 21, 2010

උදුම්බරා හිනැහෙනවා- T.M Jayarathna & group

උදුම්බරා හිනැහෙනවා - ඉර අඳුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට සිනහ කඳුළු වැහි වැහලා
ගිනි ගෙන රත්වුණු දවසක් සැනසෙන එක හැන්දෑවක
මුහුදු කොවේ සුදු වැල්ලේ සුද හැංගෙන එක මොහොතක
උදුම්බරා හිනැහෙනවා ඉර අඳුරට හැංගෙනවා

කළුවර දුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්ම
ගිනි දිය ලෝ දිය වැස්සේ කිරි සයුරේ උදුම්බරා
සිනහ කඳුළු වගුරනවා

ආදරයේ ඔබ ඔබමයි - මා ඔබ නොව ඔබ මා නොව
දවසක් දා හඳුනා ගත්තොත් ඔබ මා
ඒ මොහොතෙම එක හුස්මට - උපදිනවා ගිනි රස්නය සීතලේම
මහ මුහුදම ගොඩට ගලා - රත් වුනු හිරු පායන්නට
ගොඩ බිම මහ මුහුදක් විය - මහ මුහුදම ගොඩ බිම විය
උදුම්බරා කඳුළු සලයි


No comments:

Post a Comment

Grab this

Unique Users

Blog Archive