Friday, July 16, 2010

ආදරයේ උල්පත වු අම්මා- Victor Rathnayaka

ආදරයේ උල්පත වු අම්මා - මා ඔබගේ පුතු වු
ඔබ මතු බුදුවන දවසේ - මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිනෙන්නෙමි - සුළැඟිල්ලේ එල්ලී

සඳ දියකර කිරි වතුරෙන් - ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන් - මතකය් මා නැලවුවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී - ඒ ජීවතයට දිවිදී රැකදී
මා දැඩි කල අම්මා

ආදරයේ උල්පත..........

තුරුලට ගෙන අත් පා හැඩ ගන්වා - නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් වාගේ - සිහිවේ ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැඳි - ගෙනදුන් දිවියට නව පණ ලැබදී
මා දැඩි කල අම්මා




No comments:

Post a Comment

Grab this

Unique Users

Blog Archive