Friday, July 16, 2010

අඩවන් වූ දෙනෙතින් ගලනා- W.D Amaradeva

අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා දහරා
තෙමා තෙමා හද ගලා ගලායන ලොවු තුරු ගුණ මහිමේ
මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමේ....
අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා දහරා

පිරීතිරී යන මහවතුරක් සේ
ගලා හැලෙන සිහිලැල් ගගුලක් සේ
ගිමන් නිවාලන මේ බව කතරේ
නිවන් සඳාලන බුදු ගුණ මහිමේ
මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමේ...

අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා දහරා
තෙමා තෙමා හද ගලා ගලායන ලොවු තුරු ගුණ මහිමේ
මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමේ




No comments:

Post a Comment

Grab this

Unique Users

Blog Archive