වලා අතුල සිරි යහනේ
උනුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා...
මල් සුගන්ධයෙන් නැලවෙන
ලතා මඩුල්ලෙ නැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා...
ජීවිතය වගේ මුමුණන
ආදරය වගේ දිලිහෙන
දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා...
නොදරුවකු අතින් බොඳ වුන
සිතුවමක් ලෙසින් සුන්දර
හිරු දස අත රටා වියනවා...
කිරි වැදී නටන ගොයමට
මිහිදුමින් වැටුනු පිනි කැට
රන්දමක් වගේ ගෙලවට රනින් දිලෙනවා
හෙටක් ගැන යමක් නොදකින
හෙටක් තිබේ දැයි නොසිතන
කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා...
අපි කොයි තරම් නම් හැන්දෑ කාලයන් ගත කර තිබෙනවාද?
ReplyDeleteහැබැයි බලන්න මේ පද රචකයා දකින කතාවේ සුන්දර තැන් ඔබ දකීදැයි කියා
සරල වදන් පෙළකින් බොහොම සුමට උපමා යොදා ගත්තත් කියන කතාව අපේ හිතේ විවධාකාරයේ රූප මවනවා