Monday, August 2, 2010

දුරකඳු යාය- Upali Rathnayaka

දුරකඳු යාය මටයි
නිල්ල නෙළන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි
මගේ ආදරේ නුඹටයි

බඹරුන් යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරා
මලකට සිත් පීඩා නෑ
ගහ මල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා
කිසි බඹරෙකු හැඬුවේ නෑ

වියළුණු කතර බිමේ දිය බිද බිද වැටෙන තුරා
කතරට සයුරත් මදි නෑ
නිදි නැති පාළු රැයේ නුඹ ගැන සිහි කරන තුරා
මගෙ සිතටත් නිවනක් නෑ


No comments:

Post a Comment

Grab this

Unique Users