Friday, August 20, 2010

ලන්දේ උකුල උඩ- Kumari Munasigha

ලන්දේ උකුල උඩ නින්ද ගිහින් සිටි
එරබදු ඇහැ ඇරිලා අන්න සිනසෙනවා
ලන්දේ උකුල උඩ නින්ද ගිහින් සිටි
එරබදු ඇහැ ඇරිලා අන්න සිනසෙනවා//

නීල කොබේයි පැටියන්ට ඇදුම්
මුතු මාල පොටක් ගිරවුනට අරන්//
රත්තරන් පාට කමතට ඉහලින්
කන්ද උඩින් එන ගෝමරියෙ දැන් ගමට වරෙන් දැන් ගමට වරෙන්

ලන්දේ උකුල උඩ නින්ද ගිහින් සිටි......

පන්සල් කන්දට සිරස නමන්
ඉරදෙවියො ඇවිත් නවතා සක්මන්
පන්සල් කන්දට සිරස නමන්
ඉරදෙවියො ඇවිත් නවතා සක්මන්

තෙල් දැමුව දොලොස් මහ පහන් වැටෙන්//
ගම රට එනවද පන්දරින් රන් එලිය අරන් රන් එලිය අරන්

ලන්දේ උකුල උඩ නින්ද ගිහින් සිටි....


No comments:

Post a Comment

Grab this

Unique Users