ගිනි මලක් පිපුණාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිලිසුණා පුරපස
පිපුණි දොරකඩ රන් මලක්
මඳහසක් දිලිසිය මුව අග
නිමේෂයකට කඩ ඉමක් ඇර
නමුදු ඒ ඇස ඉරා කඩ ඉම්
ගෙන ගියා අප අනන්තය වෙත
දුටිමි අප ඇගෙ ඇස් පියන් යට
දෙසින් කැළඹූ නිල් උපුල් යුග
දැවි දැවී සැනසුණා අප සිත්
තැබී ඈ තව පියවරක් දු
No comments:
Post a Comment