Wednesday, July 14, 2010

කවිය ඔබ- Depika Priyadarshani

කවිය ඔබ
තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ

පද එකින් එක ලියවා
සිත කුරුටු ගා මැකුවා
ඔබ ලියූ කවි කියවා
මන් අසරණව උන්නා
යෞවනේ....
තනිකමක් දැනෙනා මොහොතක
සිත ඉකිගසා හැඩුවා

හොර ඇහින් ඉඟි කරලා
සඳ මගෙන් සමු ගත්තා
කවි පොතම පොඩිකරලා
නිදියන්න මට සිතුනා
යෞවනේ....
අත ළඟින් හිඳිනා මොහොතක
දුර ඈත බව දැනුනා.......






No comments:

Post a Comment

Grab this

Unique Users

Blog Archive