Friday, July 16, 2010

ඔබ දුටු ඒ මුල් දිනේ- Sunil Perera

ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැමදේ
තවමත් මගෙ මතකයෙහි රැඳේ
නෙත් යුග මා දෙස යොමා
මගෙ මියුලැසියේ...
කුමක් කියන්නටද සැරසුනේ...

කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
කෙලෙසද මා එය දැනගන්නේ...
කවදා කොයිබදි යලි හමු වේවිදැයි කියා
පැනයකි මා සිත පාරන්නේ...

කැටිකොට ගුවනට මුසු කොට මගේ රස හැගුම්
ඔබ වෙත ගීයකින් එවන්නම්...
මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
එදින නැවත මා හිනැහෙන්නම්.



2 comments:

  1. මම කැමතිම සිංදුවක්

    ReplyDelete
  2. මේ සිංදුව මගේ ජීවිතයට ගොඩක් සමීපයි.

    ReplyDelete

Grab this

Unique Users

Blog Archive