Wednesday, July 21, 2010

අකුරු මැකී නෑ- Edward Jayakody

අකුරු මැකී නෑ
කොළ ගැලවී නෑ
බොඳවී නෑ සිතුවම්
ඉස්සර වාගේ
තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්

මේ ඊරී බිම සීරී
කුණ්ඩුමනී හිස පීරී
දීසිය පුරවා දෝසි දමා
කුමුදුමතී හිනැහේවී

අපි දුවමු අපි පනිමු
ගී කියමු අපි නටමු
ඇත් පොරයට අපි ඇහැ යවමු
බාලවියට පා නඟමු



No comments:

Post a Comment

Grab this

Unique Users

Blog Archive