ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩිනා..
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා...
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා..
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා..
රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ..
රෑ කළුවර ඇවිදින් ඉකි බිඳ ගැඬුවත්
නෙත නෑ නිදි ලැබගන්නේ..
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ සිහින දකින්නේ...
මහමායාවෙනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නෙ..
වෙල් දෙණි වල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා..
බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා...
මතු උපදින සසරේ විසාකාව වී
මෙත් මග නෙත් හමුවේවා..
ඇත් රැජිණියනේ ඔබෙ නැළවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා...!!
No comments:
Post a Comment