මගේ ලොවට ඔබ සුලග වගේ ඇවිදින්
කදුලු තිලිණ කර නොකියම යන්න ගිහින්
සවනට ලංවී හෙමිහිට කොදුරා
ඔබේ සුරත මගේ නළලෙ තියා
පැතුම් පැතු හැටි සිහිවෙයි නිරතුරු
අපි එක සෙවනක ඉදිමු කියා
සෙනෙහෙ බිදුනු සිත් සුවපත් කෙරුමට
ලොවේ නොමැත කිසි තැනක ඔසු
ඔබේ නමින් නෙත පුරා හඩනු මිස
පෙම් නොකරමි මම මෙයින් මතු
No comments:
Post a Comment