Tuesday, July 6, 2010

සඳේ...ඔබ- Rookantha Gunathilaka

සඳේ...ඔබ ඇයිද මේ යාමේ...
අහස කරා නැගුනේ...
සිතේ..දුක හිරු නිවා දැමුවේ...
නැතුවද ඔබ දන්නේ..
දිනිහිරු පායා
සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා....

ඔබ තරු වටකර
හිනැහෙන යාමේ
ඈ දුර යහන් ගැබේ..
රෑ නොනිදාගෙන
වැලපෙන මා හට
ඔබගෙන් කිමද පලේ....

සඳේ...ඔබ ඇයිද මේ යාමේ...
අහස කරා නැගුනේ...

සඳ දෙස බල බල
මා පැතු පැතුමන්
මෙතෙකැයි කියන්න බෑ....
හිරු මා දැවුවත්
මා ලද උණුසුම
අමතක කරන්න බෑ....

සඳේ...ඔබ ඇයිද මේ යාමේ...
අහස කරා නැගුනේ...
සිතේ..දුක හිරු නිවා දැමුවේ...
නැතුවද ඔබ දන්නේ..
දිනිහිරු පායා
සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා....








No comments:

Post a Comment

Grab this

Unique Users

Blog Archive