Thursday, July 8, 2010

උණුහුම- Tehan Perera

උණුහුම මදි වගෙ නම්
උණු කඳුලක දැවටෙන්නම්
හදවත ගැහෙන සරින් මා නැළවෙන්නම්
මට නිදිමත වෙනකම්
තුරුලේ හැංගෙන්නම්
දෑඟිලි නළල පුරා සිතුවම් අදිමින්
හිරිවැටුනු මගෙ දෙතොලෙ සීතල නැති කරලා
හැංගිච්ච ඔය සුසුමෙ උණුහුම මට දීලා
හද ගැස්ම අද ඔබෙ නම් හොදටම වැඩි වීලා
කුළුදුල් හැඟුමේ රස ගී....

මට නිදිමත වෙන්නෑ
කිමදෝ මම දන්නෑ
ඔබ ළඟ ඉන්නා විට ඇස් පිය වෙන්නෑ
යන්නට දෙන්නට බෑ
අද නම් තනිවෙනු බෑ
තුරුලේ මියැදෙන්නට මට අවසර නම්
හිරිවැටුනු මගෙ දෙතොලෙ සීතල නැති කරලා
හැංගිච්ච ඔය සුසුමෙ උණුහුම මට දීලා
හද ගැස්ම අද ඔබෙ නම් හොදටම වැඩි වීලා
කුළුදුල් හැඟුමේ රස ගී....





No comments:

Post a Comment

Grab this

Unique Users

Blog Archive