කියන්න දුක රැඳී ඇවිත්
පවන් රොදේ...
අසන්න දුක බලා ඉමී
රැඳෙන්න ඒ බිමෙන් මිදී
මගේ ලොවේ...
විලක රැයේ පිපෙන මලේ
කඳුළු සඟවලා...
නැගෙන සඳේ කිරණ ලෙසේ
ගලමි රැය පුරා...
හිරුද හඬවලා...
ඉවුරු දිගේ යනෙන අපේ
හඬන හිත නිවා...
ගලන ගඟේ කඳුළු ඉමේ
පැතුම ඇත බලා...
සයුර ඇත බලා...

No comments:
Post a Comment